කොරෝනා වෛරසය ආසාදිත වූ නාවික හමුදා සෙබළුන් 189 දෙනෙකු මේ වන විට පූර්ණ වශයෙන් සුව වී නිවෙස් බලා ගොස් සිටී.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ තවත් සෙබල පිරිසක් ඉතා ඉක්මනින් සුවය ලබා නිවෙස් බලා යාමට හැකිවනු ඇති බවයි.

නාවික හමුදා සෙබළුන් පන්සීයකට වැඩි පිරිසකට කොරෝනා ආසාදනය වූ අතර එය මෙරට ආසිදිතයන්ගෙන් 50% ඉක්මවයි.