දින 15 කින් සමාජයෙන් කිසිඳු කොරෝනා රෝගියෙකු හමුවී නොමැති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඔහු පවසන්නේ අප්‍රේල් 31 වෙනිදායින් පසුව ආසාදනය වැලඳුණු කිසිවෙකු හමු නොවූ බවයි.

ජනතාව,සෞඛ්‍ය අංශයේ උපදෙස් පිලි පැදීම සහ සමාජ දුරස්ථභාවය තබාගෙන ක්‍රියා කිරීම එයට හේතු වූ බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කරන්නේ.

බ්‍රිතාන්‍යයේ වාසය කල ශ්‍රී ලාංකිකයින් 27 දෙනෙකුම කොරෝනා වලින් ජීවිතක්ෂයට පත්ව ඇති බවද ඔහු කියා සිටියා.