මද්‍රසා පාසලක් තුළදී ඉස්ලාම් අන්තවාදය පිළිබඳව උගන්වා සටන් පුහුණුව ලබාදුන් අයුරු වයස අවුරුදු 17 ට අඩු සිසුන් දෙදෙනකු කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක ඉදිරියේ ඊයේ (12) විශේෂ ප්‍රකාශයක් ලබාදී තිබේ.

භාෂා පරිවර්තකයකුගේ සහාය ලබාගනිමින් ඔවුන් මෙම ප්‍රකාශය සිදුකර තිබේ.

එම මද්‍රසා පාසල පවත්වාගෙන ගොස් ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරය දියත් කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත. ෂැංග්‍රිලා හා සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් දෙකට ප්‍රහාර එල්ල කළ බෝම්බකරුවන් දෙදෙනා මෙම පාසලෙහි නිලතල දරමින් දරුවන්ට දේශන පවත්වා ඇති බවද හෙළිවී තිබේ.

අම්පාරේදී බෝම්බ පුපුරුවාගෙන මියගිය මොහොමඩ් සහරාන් සහ ඔහුගේ සොයුරු මොහොමඩ් රිල්වාන්ද මෙම පාසලට පැමිණ දේශන පවත්වා ඇති බවද දැන් හෙළිවී තිබේ.