ලංකා බැංකුව ගොඩගැනීමට හැකි බවට විශ්වාස කරමින්් එහි වගකීම භාර ගත්තද තමන්ට හෝ සභාපතිවරයාට එහි නිලධාරීන් අවනත නොවන බවත් ඒ නිසා ඉල්ලා අස්වීමට සූදානම් බවත් ලංකා බැංකුවේ මහා කළමනාකාර සුදත් ගුණසේකර පවසා ඇතැයි ඇතැම් සමාජ මාධ්‍යන්ගේ පලකල ඇති තොතුරු සත්‍යයෙන් තොර බව වාර්තා වනවා.

අදාල සමාජ මාධ්‍යන්ගේ වැඩිදුරටත් සදහන් වන්නේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග ඉකුත්දා පැවති සාකච්ඡාවකදී සුදත් ගුණසේකර මේ බව පවසා ඇති බවයි. කෙසේවෙතත් එවැනි පෞද්ගලික හමුවක් ලංකා බැංකුවේ මහා කළමනාකාරවරයා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර සිදු නැතැයිද තහවුරු වුණා.

සුදත් ගුණසේකරට අවම වශයෙන් ලංකා බැංකුවේ ණය කමිටුව හෝ කැදවීමට නොහැකි වී තිඛෙන බවද සමාජ මාධ්‍යන්ගේ පළ කර ඇති වාර්තාවල සදහන්. එසේ වී ඇත්තේ ණය කමිටුවේ ප්‍රධානියෙකු වන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ආයතනික) රසල් ෆොන්සේකාද ඔහු සමග එක් ව කටයුතු නොකරන නිසා බවද එහි දැක්වෙනවා.

එහෙත් එම තොරතුරු වලද කිසිදු සත්‍යතාවක් නොමැති බවයි තහවුරු වුණේ.