මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන ලලිත් පින්තෝ නමැත්තාගේ සිරකුටිය තුළ තිබී ශීතකරණයක්, ගෑස් ලිපක් ඇතුළු භාණ්ඩ කිහිපයක් බන්ධනාගාර පොලිසිය විසින් ඊයේ (11 වැනිදා) සොයාගෙන තිබේ.

ඖෂධ ද්‍රව්‍ය ගබඩා කිරීමට මෙම ශීතකරණය රැගෙන ආ බව මීගමුව බන්ධනාගාර අධිකාරිවරයා පොලිසියට ප්‍රකාශ කර ඇත. රහසිගතව ලැබුණු තොරතුරක් මත බන්ධනාගාර පොලිසිය යොදවා මෙම වැටලීම සිදුකළ බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් පැවසීය. සිද්ධිය පිළිබඳ තවදුරටත් විමර්ශන පැවැත්වේ.