විදේශගත ලාංකිකයන් කොරෝනා ව්‍යසනය හේතුවෙන් මුහුණදී ඇති අර්බුධවලින් ගලවා ගැනීමට රජය පියවර ගත යුතු බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා.

මෙරටට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් ලබාදුන් එම පිරිස් අතරින් ඇතැමෙකු මේවනවිට තානාපති කාර්යාල නිලධාරීන්ගේ සහායක් නොමැති නිසා පීඩාවට පත්ව ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

මෙවැනි අවස්ථාවක ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීමට නොපැකිලව කටයුතු කරන ලෙසයි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා එම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මේ සම්බන්ධයෙන් වන සම්පුර්ණ ප්‍රකාශය පහතින් දැක්වෙනවා.