පොදු ජන පෙරමුණේ මංගල ජන රැලිය අද සවස අනුරාධපුරයේ දී පැවැත්වුනා.ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්.පොදු ජන පෙරමුණ නියෝජනය කරන සියලූම පක්ෂවල නායකයින් මෙම අවස්ථාව ට සහභාගී වූ අතර ශ්‍රීලනිපයේ දුමින්ද දිසානායක සහ වීරකුමාර දිසානායක යන මන්තීවරුන්ද මෙම රැළියට එක්ව සිටීම විශේෂත්වයක්.ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් සිට පසුව ස්වාධීන වූ අතුරලියේ රතන හිමියන්ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර රැළිය අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වුනා.

මෙහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කලේ මෙම ආණ්ඩුව අසාධාරණ ලෙස සිරගතකොට ඇති සියලූම රණවිරුවන් තමා ජයගත් පසුවදාම නිදොස් කොට නිදහස් කරන බවයි.

එමෙන්ම අනුරාධපුරය මෙන්ම රටේ සෑම ප්‍රදේශයකම සිටින ගොවි ජනතාව වෙනුවෙන් රුපියල් 350 කට ලබා දුන් පොහොර සහනාධාරය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන බවද ඔහු සඳහන් කලා.

මෙතෙක් රුපියල් 350කට පැවති පොහොර සහනාධාරය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන ලෙස අද දහවල් තමන්ට පැවසූවේ මහින්ද රාජපක්ශ මහතා බවද ඔහු සිහි කලා.

සිවිල් ආරක්ෂක සේවාවෙ නියුතු සියලූම දෙනාට වසර 22 ක සේවා කාලය සම්පූර්ණ කිරිමෙන් අනතුරුව විශ්‍රාම වැටුප් පහසුකමද ලබා දෙන බවයි රාජපක්ෂ මහතා කියා සිටියේ.

ඊට අමතරව වගා හානි වූ සියලූම දෙනාට අදාළ වන්දි මාස 6ක් ඇතුලත ලබා දෙන බවත් අලි-මිනිස් ගැටුමට නිසි විසඳුමක් ලබා දෙනවා මෙන්ම තරුණ පරපුර යළි ගොවිතැන කෙරෙහි උනන්දු කරවීමට තාක්ෂණය ,කෘෂි කර්මාන්තය සමඟ මුසු කරන බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියා.

Leave a Reply

  Subscribe  
Notify of